Sunday, July 31, 2016

3D TraceRoute

Figure  1


ගොඩක්  කාලෙකට පස්සේ ඔන්න මම ආයෙත් post එකක් අරන් අවා . කලින් සති වල post  වලින් අපි ගොඩක් කතා කලේ hosting  server ගැන විස්තර දැනගන්න විදිහනේ . අද  මම කතා කරන්න යන්නේ  අලුත්ම දෙයක්.


3D  TRACEROUTE


මොකක්ද මේ 3D  traceroute  කියන්නේ ????????


ඒ ගැන  කතා කරන්න  කලින් අපි බලමු traceroute කියන්නේ මොකක්ද කියලා.

traceroute  කියන්නේ  අපේ computer එකේ ඉදලා server  එකකට හෝ වෙන computer එකකට අපි යවන පණිවිඩය යන මාර්ගය track  කරගන්න පුළුවන් command  එකක් .

ඉතින් ඔයාලා පාවිච්චි කරන්නේ windows os එකනම් command  එක ටිකක් වෙනස් . tracert  තමයි command  එක .මුලින්ම  command  prompt  එකට  ගිහින්  tracert කියල ගහල බලන්න . එතකොට විස්තර ටිකක් එයි .

අපි දැන් yahoo .com  server එකට path  එක track කරලා බලමු .




මේ video  එකේ විදිහට tracert yahoo .com  කියල type කරලා enter press කරන්න.එවිට path  එකේ අතර මැද තියන routers වල ip  address track කරගන්න පුළුවන් .

දැන් අපි බලමු මොකක්ද මේ 3D  traceroute  කියන්නේ කියල .


 3D  traceroute කියන්නේ  tool  එකක් .එක ඔයාලට මෙතනින්  download කරගන්න පුළුවන් .

මුලින්ම එක download  කරලා install  කරගන්න .install  කරනකොට මේක වෙන folder   එකකට දාලා install කරන්න .(වෙනත් file  ගොඩක් අලුතෙන් හැදෙන නිසා ).එතකොට ඔයාලට මේ වගේ interface  එකක් දැකගන්න පුළුවන් .


මේකෙනුත් කලින් වගේම path එකක් track  කරගන්න පුළුවන් .target  කියන තැනට yahoo .com  කියල දීල trace කියන එක click  කරන්න 

මේ  tool  එකේ  තියන විශේෂත්වය තමයි මේකෙන්  වැඩ ගණනාවක් එකවර කරගන්න පුළුවන් whois,ping. nslookup,server header analyzer,port scanner, telnet client වගේ  තව tool  ගොඩක් මේ 3D -route  ටූල් එකත් එක්කම එනවා .

දැන් අපි මේ video එකෙන් බලමු මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියල .




ඉතින්  යාලුවනේ නැවතත අලුත්ම දෙයකින් හමුවෙමු .

සුබ දවසක් ......!


6 comments: