මොකක්ද මේ eavesdropping කියන්නේ? ඔන්න මම අද කතා කරන්න යන්නේ cyber අවකාශයේ වැදගත් මාතෘකාවක් වෙන eavesdropping ගැන. ඉතින් අපි දන්නවා අපි හැමෝටම තියනවා privacy එකක් කියල දෙයක් . අද වන විටනම් ඉතින් ගොඩක් අයගේ privacy එක facebook වැනි සමාජ ජාල හරහා බිදී ගිහින් අවසන් .නමුත් අද වන විටත් අපි හැමෝටම private life එකක් කියල දෙයක් ඉතුරු වෙලා තියනවනේ නේද? .
ඉතින් මේ වගේ private conversation එකකට අවසරයකින් තොරව සවන් දීම තමයි මේ eavesdropping කියල කියන්නේ . ඉතින් මේක සවන් දීම පමණක් නෙමෙයි , record කරගැනීමක් හෝ re amplify කරගැනිමක් eavesdropping කියලා හදුන්වන්න පුළුවන් . මෙය සමහර අවස්ථා වලදී sniffing attack එකකට සමාන වුනත් sniffing වලදී වෙන්නේ මීට වඩා වෙනස් දෙයක්. network එකක් හරහා වෙන eavesdropping attack එකක් sniffing කියල හදුන්වන්න වුනත් පුළුවන්.ඉතින් මම ඉදිරියට ගෙනෙන ලිපියකදී sniffing ගැන වැඩි දුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා .
Encrypt නොකරපු VoIP(voice over internet protocol ) එකකදී මේ eavesdropping ක්‍රියාවලිය පහසුවෙන්ම කරගන්න පුළුවන්.VoIP කියන්නේ සමාන්‍ය call ගන්න ක්‍රමයට වඩා වෙනස් ආකාරයකට broadband internet connection එකක් පාවිච්චි කරලා calls ගන්න පුළුවන් technology එකක්.ඉතින් මෙහිදී අපේ voice එක ගමන් කරන්නේ digital සිග්නල් එකක් ව්දිහට ඉන්ටෙර්නෙට් එක හරහා . ඉතින් අතර මැදි කෙනෙක්ට පුළුවන් software එකක් පාවිච්චි කරලා මේ digital voice එක record කරගෙන ඒක WAV file එකකට convert කරගෙන අපේ conversation එකට සවන් දෙන්න .encryption ගැන වැඩි දුරටත් තොරතුරු ඉදිරියේදී වෙනත් ලිපියකින් ගෙන්න බලාපොරොත්තු වෙනවා .
මේ ව්දිහට network එකක් හරහා වෙන special eavesdroppping attack එකක් man in the middle attack වර්ගයේ sub category එකකට අයත් වෙනවා . man in the middle attack එකකදී අතරමැදියා විසින් data වෙනස් කිරීමක් වුවද කරන්න පුළුවන් . නමුත් eavesdropping attack එකකදී data වෙනස් කිරීමක් සිදුවන්නේ නැහැ .
man in the middle attack ගැන වැඩි විස්තර ඉදිරි ලිපියකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා .
ඉතින් දැන් අපි බලමු කොහොමද මේ eavesdropping attack එකකින් ආරක්ෂා වෙන්නේ කියලා . developer කෙනෙක් විදිහටනම් පහසුම ක්‍රමය වන්නේ හැමවිටම data encrypt කර send කිරීමයි . නමුත් අද වන විටනම් encrypt කිරීමද සාර්ථක විකල්පයක් නොවුණු අවස්ථා දැකගන්න පුලුවන් .
උදා:
peskyspy නම් වූ wiretap trojan එක මගින් skype voice calls encrypted කිරීමට පෙර save කරගැනීම .මෙහිදී සිදු වන්නේ API එකක් පාවිච්චි කර audio devices වල sound access කිරීමයි .
සමාන්‍ය දුරකථන ජාලයක සිදුවන eavesdropping ක්‍රියාවලිය තමයි අපි ඔය phone ටැප් කරනවා කියලා කියන්නේ .
webserver එක හා client අතර සිදු වුන data හුවමාරුවකදී අරකෂා වීමටනම් අප කල යුත්තේ HTTPS encrypted connection සහිත වෙබ් පිටු බාවිතා කිරීමයි .
ඉදිරි දිනයකින් නැවතත් හමු වෙමු .
සුබ දවසක් ....!


helpful article!
ReplyDeletethankz dude.. :)
DeleteNice article Dulaj
ReplyDeletethankz bro :)
DeleteNice dude. Very helpful.
ReplyDeletethankz bro
Delete